විකිණුන කන්‍යාවිය _05_ බෝනස් 03
විකිණුන කන්‍යාවිය _05_ බෝනස් 03 එල්ලලා ඉවර වෙලා තව කියන්නෙ මට ඒකිව නලවන්න කියලද..? " ඒත් ඊලග මොහොතෙදි රෝහිනිගෙ අතක් නතර උනේ සංදීප්ගෙ කම්මුල මත. "චාටාස්.. ඇති.. තව වචනයක් කියන්න එපා.. මෙච්චර දවසක් මම හිතාන හිටියෙ නන්ගි තමයි අපිට තිබුන වගකීම කියලා.ඒත් දැන් තමයි තේරෙන්නෙ මෙච්චර කාලයක් තමුන් වගේ නිකමෙක්වයි අපි හදලා තියෙන්නෙ කියලා.චික් විතරක්.අම්මා ඉන්නවා.නන්ගි ඉන්නවා .එහෙම කෙනෙක් ඔය වගේ කතාවක් කියනවද...? ලැජ්ජයි මට සංදීප් තමුන් ගැන.. යනවා මෙතනින්.." ___සුගත්___ තාමත් සිහිය ඇවිත් තිබුනෙ නැ.සදලිව දැකපු ගමන් කෙල්ලගෙ ඇස් දෙකේ කදුළු පිරුනා.ඩොක්ටර් එක්ක රාජිත ඇගේ තත්වය ගැන කතා කරද්දි සයනි නතර උනේ සේලයින් බට ගහලා මැෂින් ගොඩක් මැද හුස්ම අල්ලපු මේ ජීවිතේදි ඇයට කියලා හිටිය එකම කෙනා ලග. වෙව්ලන අතින් පැත්තකට වැටිලා තිබුන අත අල්ල ගත්තා.එහෙමම ඒ අත ලං කර ගත්තෙ පපුවට.දරා ගන්න අමාරුම තැන් වලදිත් එකට හිටියා.අවුරදු හතරක් කෙල්ලට වඩා බාලයි.ඇයට අවුරුදු දා හතරයි. සමහර බැදීම් සංසාරය පුරා යනවා.මේත් එහෙම බැදීමක්.බුදු දහමෙත් ඒ ගැන පැහැදිලිව කියලා ත...