විකිණුන කන්‍යාවිය _03_බෝනස්
විකිණුන කන්‍යාවිය
_03_බෝනස්
"ඒ කියන්නෙ දැන් සංදීප් තමුසෙ ලොකු මිනිහෙක්.. ඒකනෙ කියන්නෙ.. එහෙමනම් දැන් මගෙන් යැපෙන්න ඕනත් නැ.තමුන්ට එහෙම නේද.. හරි මම ඒක ගැන බලා ගන්නම්.මුලින්ම තමුන් අතින් විනාශ උන මේ දරුවගෙ ජීවිතේට සාධාරණයක් කරලා ඉන්නවා .මොකද කැඩුනම හදන්න පුලුවන් සෙල්ලම් බඩු නෙවෙයිනේ .ඒත් ජීවිතයක්.. අදම තමුසෙට මේ දරුවාව කසාද බදින්න වෙනවා.අන්න ඒ්ක මතක තියා ගන්නවා.ඊට පස්සෙ බලමු ඊලගට කරන්න ඕන දේ.. එච්චරයි.කතා දෙකක් නැ.රෝහිණි. දැන්ම රෙජිස්ටාර් කෙනෙක්ව හොයනවා.තමුන්ගෙ හුරතලෙත් මේ තැනට එන්න බලපාන්න ඇතිනේ.. මේ තමයි මගේ අන්තිම තීරණය.. තවත් තමුන්ට මේ ගේ ඇතුලෙ ඉන්න පුලුවන් වෙන්නෙ මේ දරුවාව කසාද බැන්දොත් විතරයි.. එච්චරයි.."
__සුගත්__
"ෂිට්. මේ හැම දේම අර පොලිස් කාරයා හින්දා.. දැන් මොකක්ද මම කරන්නෙ.. මට දැන්ම මැරි කරන්න බැ.."
සංදීප් හිටියෙ ගිනි අරන්.හිතා ගන්න බැ මොකක්ද උනේ කියලා.බ/ඩු/ව/ක් අරන් ගිහින් පොලිසියට මාට්ටු වෙලා.එහෙමයි දැන් හැමෝම හිතන්නෙත්.අම්මට මූන දෙන්න ලැජ්ජයි.ඊටත් වඩා හෙට අනිද්දා වෙනකොට හැමෝම දැන ගනියි.
කොල්ලා හැමදාම කිව්වෙ කොට්ටෝරුවා හොට පටල ගත්තට සංදීප් නම් ඒ විදිහට පැටලෙන් නැහැ කියලා.ඒත් සිද්ධ උනෙත් ඒකමයි.
"අරකිට කට නැද්ද කියන්න කසාද බදින්න බැ කියලා.. ඒකිටත් ගානක් නැ.දුන්නා මදිවට දැන් මාවත් අහු කලා.. ෂිට්.."
කටින් පිට උනෙත් අසික්කිත වචන.ඒ වචන වල කිසිම සාධාරණයකුත් නැ.සදාචාර සම්පන්න බවකුත් නැ.
කාමරය පුරා එහෙ මෙහෙ ඇවිද්දා .ඔරලෝසුව දිහා බල බල ඇවිද්දා.හිත කිව්වෙම දැන් ඩැඩි රෙජිස්ටාර්ව ගෙන්නයි කියන එක.
__සුගත්__
සිද්ධ උන දේටත් වඩා කෙල්ලට උවමනා උනේ හොස්පිටල් යන්න.ඒත් ඒක කියා ගන්න විදිහක් නැ.කසාදයක් වෙන්න යනවා .ඒ ගැන හිතන්න වත් හිතක් නැ කෙල්ලට.
දෙයියනේ මේ දේවල් කවදාවත් හිතේ තිබුනෙ නැති දේවල්නෙ.
ඇමති වරයෙකුගෙ පුතෙක් කියලත් දැනුයි දන්නෙත්.
ඒ කෙනාවම මැරි කරන්න වෙලා.
ගේ ඇතුලින් එළියට බැස්සා.ගාර්ඩ්න් එක පවා හරි ලස්සනයි.එක පැත්තක තිබුනෙ බුදු කුටියක්.නිවාසෙ ඉන්නකොටත් කෙල්ල හැමදාම බුදු පාණ පත්තු කරනවා.හිතේ දුක කියනවා.සෑහෙන වෙලා වැදගෙන බලාන ඉන්නවා.බුදු රුවේ ශාන්ත භව හිතම නිවනවා.
පුරුද්දට වගෙ දැනුත් කෙල්ල හෙමින් හෙමින් බුදු කුටිය දිහාවට ලං වෙනවා.ඒත් කෙල්ල දන්නෙ නැ ඇය දිහා දෙන්නෙක් බලාන ඉන්න බව.
ඇමති රාජිත සහා සංදීප්ගෙ අම්මා .රෝහීනි.දෙන්නම හිටියෙ උඩ තට්ටුවේ.දෙන්නම බලාන හිටියෙ කෙල්ල දිහා .
"මොනා උනත් මහත්තයා මේ කෙල්ල මොන විදිහෙ කෙනෙක්ද කියන එක වත් නොදැන මේ දේ කරන එක වරදක් කියලා හිතෙන් නැද්ද.."
රෝහිනි හෙමින් කිව්වා.මොකද ඇය අම්මා.අම්මා කෙනෙකුට තමන්ගෙ දරුවා මොන වරදක් කලත් හොදයි.ඒ දේ ඇයටත් පොදුයි.හිතේ මෙච්චර වෙලාවක් තිබුන දේ කිව්වේ.
ඒත් රාජිත උනත් සංදීප්ට ආදරෙයි.ඉන්නෙ දුවයි පුතයි.දුව කැම්පස්.ඒත් සංදීප් කිසිම දවසක ඉගෙන ගන්න තියා කිසිම දේකට උනන්දුවක් පෙන්නපු කෙනෙක් නෙවෙයි.
ආරංචි ආවා කරන හැම දෙයක් ගැනම.මේ කෙල්ල පෙනුමෙන් පවා ලාමකයි කියලා පේනවා.තමන්ගෙ කරදඩු උස් උන පුතා ගැන තමන්ගෙ බිරිද එක්කවත් රාජිත දන්න දේවල් කියන්න ලැජ්ජයි.දැන ගන්න ලැබුන දේවල් ඒ තරම් හොද දේවල් නෙවෙයි.
මීට වඩා දේවල් ඔහු කල බව දන්නවා.ඊටත් වඩා පොලිස් නිළදාරියත් එක්ක රාජිත කතා කලා.පොලිස් නිලධාරියා රාජිතට හිතවත්.
ඒ වෙලාවේ සංදීප්ව අත් අඩංගවට ගත්ත පොලිස් කාන්ඩායමේ හිටිය කාන්තා පොලිස් නිළදාරින් කියලා තිබුන හැම දේම දන්නවා රාජිත..
ඔහු කිව්ව දේවල් කන් අඩි අස්සෙ දෝංකාර දෙනවා තවමත්.
"ඇමති තුමා ඒ කෙල්ල හරි අහිංසක කෙල්ලක්.අපිට දැන ගන්න හම්බ උන දේවල් වලට අනුව අනාථ නිවාසයක තමයි හැදිලා තියෙන්නෙ.අනික සංදීප්ගෙන් තමයි වර්ජින් එක නැති වෙලා තියෙන්නෙත්.එතනට ගිහින් හිටිය WPC ලා ඒක සහාතික කලා..."
ඉතින් මේ අහිංසකියක්.කවදාවත් රාජිත කිසිම කෙනෙකුට අකටයුත්තක් කරලා නැ.එහෙම එකෙ තමන්ගෙ දරුවා අතින් වෙන්න යන පාප කර්මය නවත්තන්න ඕන.
"රෝහිනි.. ඒ දරුවා එහෙම නරක කෙනෙක් නෙවෙයි.සංදීප් ලගට එනකොටත් වර්ජින්.. ඒක ගැන මගෙන් මුකුත් අහන්න එපා.එක දෙයක් මතක තියා ගන්න.පෙර ආත්මය කරපු පිනක් නිසා අපි මේ තැන ඉන්නවා.ඉතින් දෙවියෝ අපිට මේ ආත්මේ දුන්නෙ තව පිං කර ගන්න.එහෙම නැතිව පවු පුරව ගන්න නෙවෙයි.මේ ඉන්න තැන අපේ දුව හිටියානම්.."
රාජිත කිව්වෙ එච්චරයි.රෝහිනි කවදත් ඔහුට එහායින් ගිහින් නැ.අදත් ඇය නිහඩ උනා.
"එතකොට අපේ මහත්තයා දැන් කසාද බන්දවලා මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ.."
ඒත් ඇය අහපු දේට වචනයක් වත් රාජිත කිව්වෙ නැ.
ඒ ඇස් රැදිලා තිබුනෙ බුදු කුටිය ළඟ හිටගෙන අත් දෙක නළලේ තියාන වැදගෙන හිටිය කෙල්ල ළඟ.
දන්නෙ නැ මොනාදෝ හිතෙනවා.මේ ගත්ත තීරණය හරිස වැරදිද කියන්න රාජිත දන් නැ.ඒත් මේ රූපේ ලගදි හිතම නිවුනා..
"නෝනා. යන්න.. ගිහින් ඒ දරුවා එක්ක කතා කරන්න.පවු.. බය වෙලා ඇත්තෙ.. මම පස්සෙ කතා කරන්නම්.අපේ ගොන් නාම්ඹා තව ගොන් වැඩ කරන්න කලින් මේක ඉවරයක් කරලා දාන්න ඕන.රෙජිස්ටාර් ළඟ එනවා ඇති.. "
ඒ හිතේ ලොකු දෙයක් තිබුනා.තාත්තා කෙනෙක් දරුවෙකුට කවදාවත් වරදක් කරන් නැ.
තාත්තා කෙනෙකුගෙ සතුට දරුවෙක් හරි ලස්සනට ජීවත් වෙන එක නම්.
රාජිතත් තාත්තා කෙනෙක්.ඔහුත් කැමති ඒ දේට ...
___සුගත්___
"කොහොමත් මේක නවතින් නැ.ඩැඩි ගත්ත තීරණයක් අපස්සට අරන් නැ අද වෙනකල්.හොදම දේ මට ඒකි එක්ක කතා කරන්න වෙනවා.ඒකිගෙ වර්ජින් එක නැති උනේ මම අතින්.ඒක හරි.ඒත් ඒ කියලා ඒකිව මැරි කරන්නම ඕන කියලා නියමයක් නැ.මැරි කරන්න උනත් මම ජීවත් වෙන්නෙ මගේ විදිහට.."
අන්තිමට සංදීප් ගත්ත තීරණය ඒ.කෙල්ල එක්ක කතා කරනවා කියලයි තීරණය කලේ.
හිතුවක්කාර කම තිබුනා.ඒත් ඒකෙන් රාජිත ලගදි කිසිම වැඩක් නැති බව දන්නවා.මොකද රාජිත ගත්ත තීරණයක් වෙනස් කරලා නැ.
කාමරයෙන් එලියට ආවේ කෙල්ල එක්ක කතා කරන්න හිතාන.ඒත් දැක්කා අම්මා කෙල්ල එක්ක වාඩි වෙලා ඉන්නවා.
"අම්මත් ඒකි ළඟ.මගේ පැත්තට හිටියෙත් අම්මා විතරයි.දැන් එයත්.. "
එහෙමම නතර උනේ හෙමින් ඒ විදිහට මුමුණමින්.
__සුගත්__
"අ..නේ නෝනා.. මට ඕන මෙහෙන් යන්න.. මට ඉස්පිරිතාලෙට යන්නයි ඕන.. එහෙ මගේ නන්ගි ඉන්නවා.අනේ මම මහත්තයා එක්ක එහෙම ගියේ මගේ නන්ගිගෙ ඔපරේෂන් එකට සල්ලි ඕන උන හින්දා.මහත්තයා ඒ සල්ලි ගෙව්වා.දැන් එයාව ඔපරේෂන් කරලත් ඇති.. මාව හොයාවි.. නෝනට වදින්නම් මම.මාව පුලුවන්නම් ඉස්පිරිතාලෙට එක්කගෙන යන්න.."
රෝහිනිට තේරෙන් නැ මේ වෙන දේවල්.ඇය හරි අහිංසකයි.මේ පේන්න තියෙන්නෙත් ඒ අහිංසක කමනේ.
රාජිත කිව්ව දේත් ඇත්ත.
කෙල්ල කා ලගට යන්නද අයි.ඒ ඇස් වල කදුළු පිරිලා.
සුදු කම්මුල් තෙමාගෙන ඒ කදුළු ගලාන ගියා.දුකයි.හීනිවට රෝ්හිනිගෙ සිරුර පුරාම ඇය ගැන ඇති උන අනුකම්පාව දිව්වා .
"දරුවෝ යමු.. ම්ම්.. මුලින් කසාදේ කරලා ඉමුකෝ.. ඊට පස්සෙ අපි යමු..දැන් අඩන්න එපා.."
ඒ ගමන ආයිත් කෙල්ලගෙ ඇස් දෙක ලොකු උනා.
"අ..නේ මහත්තයාට මොකුත් කියන්න එපා නෝනා.මට මහත්තයා දෙවි කෙනෙක් වගේ.. අද මහත්තයා නොහිටින්න මගේ නන්ගි මට නැති වෙලා.දන්නවද නෝනා. මම කාගේ කවුද කියලාවත් අද වෙනකල් මම දන් නැ.පුංචි කාලේ ඉදන් මේ බෙල්ලෙ තියෙන මාල පෙත්ත කලු නූලක දාලා කරේ තිබුනා. එහෙව් මම නිවාසෙන් මට හම්බ උන මගේ නන්ගිට ඕනම දෙයක් දෙන්න ලෑස්තියි නෝනා.කවුරුත් එච්චර ලොකු මුදලක් දෙන් නැ.ඒත් මහත්තයා ඒ දේ කලා.. මහත්තයා ගොඩක් හොද කෙනෙක්.."
රෝහිනිට පුදුමයි.මේ කෙල්ල මෙච්චර අගය කරන්නෙ ඇයට තිබුන වටිනාම දේ උදුර ගත්ත කෙනාව.
ඉතින් හිතට පොඩි සැනසීමක් දැනුනා.
සංදීප්ට ආදරේ බව ඇත්ත.
ඒත් අද වෙනකල් හිතේ බයක් තිබුනා.
අනාගතය ගැන.ඒත් රාජිත කිව්ව දේ ඇත්ත.මේ කෙල්ල හරි අහිංසකයි.ඇයට ඇගේ හිත කිව්වා..
"හැම දේම වෙන්නෙ හොදට කියලා කතාවක් තියෙනවා නේද දූ.. මේ දේ වෙන්න යන්නෙත් හොදට කියලා මතක තියා ගන්න.. ම්ම්.. අන්න රෙජ්ස්ටාර් ආවා. යමු.. ඊට පස්සෙ මම,ම දුවව එක්කන් යන්නම් හොස්පිටල් එකට.. එන්න.."
__සුගත්__
කසාදේ රෙජිස්ටාර් ඉස්සරහා සිද්ධ උනා.ඒ වෙනකල් සංදීප්ට කෙල්ල එක්ක වචනයක් වත් කතා කරන්න බැරි උනා.
හැම දේම අවසන් වෙලා රෙජිස්ටාර් යන්න ගියා.
ඒ මොහොතෙදි සංදීප් හැදුවේ එතනින් යන්න.ඒත් රාජිත කතා කලා.
"ඔහොම නවතිනවා.. මම යන්න කිව්වේ නෑනේ.. තව දෙයක් තියෙනවා කියන්න .. කසාදයක් කර ගත්තා කියන්නෙ තවත් අමමා තාත්තාට බරක් වෙවි ජීවත් වෙන්න බැ කෙනෙකුට.අම්මයි මමයි කසාද බැන්දෙ ඉන්න හිටින්න ගෙයක් දොරක් වත් නැතිව.ඒත්.ඔයාට එහෙම තත්වයක් නැ.අපි පදිංචි වෙලා හිටිය කලින් ගෙදර මම ඔයා නමට ලිව්වේ ඒ දවස් වලම.මම කැමතියි මගේ පුතත් මම වගේ එයාගේ වයිෆ් එක්ක වෙනමම ජීවත් වෙනවට.මොකද මටත් දැන් හති.අවුරුදු විසි තුනක් හතරක් වෙනවනේ.මොකද මේ තරම් වීර ක්‍රියා කරන්න පුලුවන් කෙනෙකුට ඒ වගේ දෙයක් කරන්න බැරි කමක් නෑනේ.අදින් පස්සෙ ඔයාට මගේ සතයක දෙයක් ලැබෙන් නැ.අද ඉදන් ඔයා ඔයාගේ ජීවිතේ ගෙනියන්න මහන්සි වෙන්න ඕන.ඒක කරන විදිහක් ගැන මම දන්නෙ නැ.මොකද හැම දේම කලෙත් මගෙන් අහලා බලලා නෙවෙයිනේ.. කරන දේ ඔයා තීරණය කරන්න.එච්චරයි.. "
සුභ දවසක්.තෙරුවණ් සරණයි.කමන්ට් කරන්න.සෙයාර් කරන්න...

Comments
Post a Comment