විකිණුන කන්‍යාවිය _02_

 විකිණුන කන්‍යාවිය

_02_




සංදිප්ගෙ හිතට එතකොටම තමයි මතක් උනේ කෙල්ල වර්ජින් කියලා.


ඒ දේ නැති උනේ ඔහු අතින් කියලත්..


"චික් තමුන්ට ලැජ්ජා නැද්ද මිස්ටර් සංදිප්.. තමුන්ගෙ තාත්තා මේ රටේ වැදගත් කෙනෙක් වෙලත් මේ වගේ පහත් දේවල් කරන්න..? මේ පොඩි දරුවෙක්.දැන් මේ දරුවගෙ අනාගතයට මොකක්ද කරන්නෙ.. අයි ඇම් සොරි.. මට මේක ගැන තමුන්ගෙ පවුලේ අයට දැනුම් දෙන්න වෙනවා.සමහර විට මේක මීඩියා වලත් යයි.ඒක එහෙම නොවෙන්න නම් තමුන් එක දෙයක් කරන්න ඕන.. ඒකට කැමති උනොත් විතරක් මම තමුන් ගැන සලකා.බලන්නම්


                   ___සුගත්___


"එක්කෝ තමුන්ට සිද්ධ වෙනවා තමුන් අතින් අනාථ උන මේ දරුවාව කසාද බදින්න.එහෙම නැත්තම් මේක තමුන්ගෙ තාත්තාට දැනුම් දෙනවා මම.එතකොට වෙන දේ දන්නවා තමුන් මට වඩා හොදටම.."


පොලිස් නිලධාරියාගේ මුවින් පිට උන වදන් ඔහු සිත කෝපයෙන් පුරවන්නට සමත් වද්දි ඔහු හිද සිටි අසුනින් නැගි සිටියේද කෝපය පිරි දෙනෙතින් පොලිස් නිලධාරියා දෙස වියරු දෙනෙත් යුග්ලයෙල් බලා ගෙනය.


"සර්ට පිස්සුද..? මගේ තාත්තා ගැන දැන දැනම සර් මෙහෙම දෙයක් කියයි කියලා මම හිතුවේ නැ.අනික සර් මම බලෙන් ඒ කෙලලව ඇදට ගත්තෙ නැ.ඒ කෙල්ලමයි කිව්වේ ගන්න කියලා.එහෙම නැතිව.."


"ඇයි නතර කලේ.. ආ.. සංදීප් මම දන්නවා තමුන් ගැන හොදටම.හැබැයි මේ වතාවේ තමුන්ට අහිංසක කෙල්ලෙකු⁣ගෙ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්න මම ඉඩ තියන් නැ අන්න ඒක හොදට මතක තියා ගන්නවා.අම්මා තාත්තා මොකා උනත් මෙ රටේ අම්මා තාත්තා⁣⁣⁣ගෙ හයිය අරන් විකාර නටන අහිංසක ජීවිත එක්ක සෙල්ලම් කරන තමුසේ වගේ රටටත් වැඩක් නැති ගෙදරටත් වැඩක් නැති උන්ට කරන්න ඕන දේ මම දන්නවා.හරි තමුසෙ දැන් කියන්නෙ ඒකනේ.. ඉන්නවා.."


පොලිස් නිලධාරියා එහෙම කිව්වා.සංදීප් තරහින් එහෙට මෙහෙට ඇවිද්දා.ඒත් ඒ අස්සෙ කෙල්ලගෙ ඇස් වලින් කදුළු වැටුනා...


"ස..ර්.. පැය ගාණකින් මම නන්ගිව දැක්කෙ නැ.. සර් කියනවා වගේ මේ මහත්තයා අතේ වරදක් නැ සර්..  ඒ මහත්තයාට යන්න දෙන්න.. මම දරුවෙක් නෙවෙයි  .මම අවුරුදු දහා අට සම්පූර්ණයි.මගේ කැමැත්තෙන් මම ඒක කලේ.. අනේ මට හොස්පිටල් එකට යන්න ඕන.මගේ නන්ගි එහෙ තනියම.. වදින්නම් සර් ,මට යන්න දෙන්න..."


ඒ වන විටත් පොලිස් නිලධාරියා හිටියෙ ඇමතුමක් ගන්න ගමන්.


ඒත් සයනි කිව්ව වචන වලින් එක හිතක් හෙල්ලිලා .ඒ සංදීප්ගෙ.මීට කලින් ඇදට ගත්තා ඕන තරම් කෙල්ලෝ.සමහර ගෑනූ පවා ⁣ගෙදරටම ඔහුව ගෙන්න ගත්තා.ඒත් දැන් දැන් දැනෙනවා මේ පුංචි කෙල්ලට ඔහු කලේ් වරදක්ද කියලත්.


රතු වෙච්ච ඇස්.ඉහිරුන හිස කෙස් .ඇදන් හිටිය ගවෝම් කරින් පෙනුනා දත් පාරවල්.දන්නෙ නැ තමන් පැය ගානක් තිස්සෙ මේ කෙල්ල⁣ගෙ ඇග උඩ හිටියෙ.ඉතින් කවදාවත් නොදැනුන ⁣මහා පුදුම හැඟීමකින් ඒ මුරංඩු පිරිමි හිත පිරිලා.


"ඇමති තුමා.. අදුනන්න පුලුවන්ද..? මම ඒ එස් පී සමරකෝන්.. ඇමති තුමාට සමහර විට මාව මතක නැතිවත් ඇති.ඒත් ඇමති තුමා මේ රටේ මෙච්චර කාලයක් තියාන හිටිය හොද නම රැකෙන එක තියෙන්නෙ දැන් ම⁣ගේ ළඟ.."


කොල්ලා තිගැස්සුනා.හැම දේම කරපු බව ඇත්ත.හැබැයි ඒ හැම දේම කලේ ඩැඩිට හොරෙන්.කවදාවත් ඒ කරපු දේවල් ඔහුට ආරංචි වෙන්න ඉඩක් තිබ්බේ නැ.


"ඔවු මිස්ටර් සමරකෝන් ,මොකක්ද ඒ කතාවේ තේරුම.."


එහා පැත්තෙන් ඇහුනේ ඇමති රාජීත වීරබන්දු⁣ගෙ කට හඩ.


"මේකයි ඇමති තුමා.ඇමති තුමා⁣ගෙ පුතා නේද සංදීප් .."


හැම දේම කිව්වා.කොල්ලට දැනුනෙ හැම දේම ඉවරයි කියලා.


"ආ.. ඉන්නවා.. මම දෙන්නම් ඇමති තුමා.."


පොලිස් නිලධාරියා නිහඩව රිසිවරය සංදීප් දිහාවට දික් කලා.


"ආ.. තමුන්ට කතා කරන්න ඕනලු.."


වෙව්ලන අතින් රිසිවරය අතට ගත්තා.


"හෙ..ලෝව්.. ඩැ..ඩි.."


"මොකක්ද ඔය කරලා තියෙන දේ තේරුම.ආ.. දැන් ඕක මීඩියා වලට ගියාම මේ රටේ මගේ නමට තියෙන තැනට මොනා වෙයිද..?කියනවා .. ⁣තමුන්ට ඕන ඕන විදිහට ඉන්න ඕන නම් තමුන් හරි හම්බ කර⁣⁣ගෙන වෙනම ගිහින් ඒවා කරනවා.නැතිව මගේ දේවල් විනාශ නොකර.දැන් ඔය ලමයාවත් එක්කන් වහාම ගෙදර එනවා.. නැත්තම් මම,ම කතා කරලා නඩුවක් ෆයිල් කරවනවා.. ම⁣ගේ ගැන දන්නවානේ.මම කිව්වොත් දෙයක් කරලයි පස්ස බලන්නෙ.."


මොකුත්ම නොකියා කෝල් එක කට් කලා.


ඊටත් පස්සෙ බැලුවේ හඩමින් හිටිය කෙල්ල⁣ගෙ මූන දිහා.


"එනවා යන්න.."


එක පාරම කෙල්ලගෙ අතින් අල්ල ගත්ත සංදීප් වේගෙන් එතනින් යන්න ගියා.


"හිතුවක්කාර මුරංඩු කිසිම වැඩකට නැති නිකම්මු. මුන් හිතාන ඉන්නෙ තාත්තා ඇමති කියලා ර⁣ටේ හැම දෙයක්ම උන්ටයි අයිති කියලා.."


එතනින් යන්න යනකොට යාන්තමට ඇහුනා පොලිස් නිලධාරියා කිව්ව වචන.


නාකි වේ//සි// .. පුතා..මම බලා ගන්නම්.. 


සංදීප් හිතින් බැන බැනම වේගෙන් ඇවිදන් ගියේ හිතේ පිරුන බයත් එක්කමයි..


                 __සුගත්__


"අහාගන්නවා.දැන් ගියාම ඩැඩි අහයි වෙච්ච දේ.. තමුසේ කියන්න ඕන මෙච්චරයි.තමුසෙගෙ උවමනාවට තමයි තමුසේ මගෙත් එක්ක නිදියෑවේ කියලා.එච්චරයි තේරුනාද.."


ඇය හිටියෙ ඇස් පියාගෙන.වාහනේ වේගෙන් ඉස්සරහට ගියා.ඒ හිත තිබුනෙ මේ සිද්ධ වෙන දේවල් ළඟ නෙවෙයි.


කාත් කවුරුත් නැතිව හොස්පිටල් එකේ ඉන්න නන්ගි ළඟ.


එක මොහොතකදි හෝරා කීපයක් තිස්සෙ ඒ දරදඬු පිරිමි සිරුරට නතු උන සිරුරින් රිදුම් දුන්නා.


දත් පාරවල් පපුවේ හිටලා තිබුන දනවා.ගවෝම කර පලල්.පපුවේ උඩ කොටසේ වැදිලා තබුන දත් පාරවල් වලට රතු වෙලා.


"මහත්තයෝ.. මට කෑ ගහන්න එපා.. අනේ මම දන්නවා මේක වරදක් කියන්න.ඒත් මට වෙන කරන්න දෙයක් තිබුනෙ නැ.අනික මම හිතුවෙත් නැ මේ වගේ  දෙයක් වෙයි කියලා.මම දන්නෙත් නැ මහත්තයා කවුද කියන එක වත්.මම මහත්තයා කියන දේ කරන්නම්.."


ඒ ගෑනූ ආත්මය රිදුම් දුන්නා.ඒත් ඇයට කියලා කවුරුත් නැ.ඉන්නෙ නන්ගි විතරයි.නන්ගි කිව්වට ඇය හමු උනෙත් අනාථ නිවාසයෙ ඉන්නකොට.


තාමත් සංදීප් කෙල්ල ගැන විස්තර කිසිම දෙයක් දන් නැ.


"දන්නවද ම..හත්තයා.. අනාථ නිවාසෙ ඇතුලෙදි තමයි අපි දෙන්නා හම්බ උනේ.කට පුරා මට අක්කෙ කිව්වා.නිවාසෙන් පිට උනාමත් මගෙත් එක්කම ආවා.අපි දෙන්නට ඉන්නෙ අපි දෙන්නා විතරයි.."


නොහිතුව මොහොතකදි කෙල්ලගෙ මුවින් පිට උන වචන.ඒ පිරිමි ඇස් ලොකු කලා.


"එ..ත කොට.. ත..මුසෙ..ට වෙන කවුරුත් නැද්ද..?"


ඇය හිස දෙපසට හෙලෙව්වෙ ඔහු කිව් දේ ඇත්ත කියලා කියන්න.


ඉතින් මෙච්චර කාලයක් ගෑනූ ආවා ගියා.ඒත් පලවෙනි වතාවට දැනුනා කලේ ලොකු වරදක්ද කියලත්.සත්තයි දැනුනා.


නිහඩවම ඉතිරි ගියර් එකත් දාලා වේගය තව වැඩි කලෙත් ඒ හිතේ ඇති උන කලඹලයටමයි.


                  __සුගත්__


"පා/හ//ර// බ//ල්//ලා.. උ.ඹ කොහොමද මෙහෙම ජරා වැඩක් කලේ.. ආ.. මගේ නම්බුව කන්නද හැදුවේ.. මේ දරුවගෙ ජීවිතේ එක්ක සෙල්ලම් කලේ ඇයි.. "


ඇමති රාජිත හිටියෙම තරහින්.අම්මා පැත්තකට වෙලා නිහඩව බලාන හිටියා.වෙනදා නම් ඇය හිටියෙත් සංදීප්ගෙ පැත්තෙ.ඒත් අද ඇයත් නිහඩයි.


"ඒ කියන්නෙ දැන් සංදීප් තමුසෙ ලොකු මිනිහෙක්.. ඒකනෙ කියන්නෙ.. එහෙමනම් දැන් මගෙන් යැපෙන්න ඕනත් නැ.තමුන්ට එහෙම නේද.. හරි මම ඒක ගැන බලා ගන්නම්.මුලින්ම තමුන් අතින් විනාශ උන මේ දරුවගෙ ජීවිතේට සාධාරණයක් කරලා ඉන්නවා .මොකද කැඩුනම හදන්න පුලුවන් සෙල්ලම් බඩු නෙවෙයිනේ .ඒත් ජීවිතයක්.. අදම තමුසෙට මේ දරුවාව කසාද බදින්න වෙනවා.අන්න ඒ්ක මතක තියා ගන්නවා.ඊට පස්සෙ බලමු ඊලගට කරන්න ඕන දේ.. එච්චරයි.කතා දෙකක් නැ.රෝහිණි. දැන්ම රෙජිස්ටාර් කෙනෙක්ව හොයනවා.තමුන්ගෙ හුරතලෙත් මේ තැනට එන්න බලපාන්න ඇතිනේ..  මේ තමයි මගේ අන්තිම තීරණය.. තවත් තමුන්ට මේ ගේ ඇතුලෙ ඉන්න පුලුවන් වෙන්නෙ මේ දරුවාව කසාද බැන්දොත් විතරයි.. එච්චරයි.."


සුභ දවසක්.දන්නවා ලයික් කමන්ට් අඩු බව.ඒත් ලිව්වා ඉතින්..


සෙයාර් කරන්න.කමන්ට් එක අනීවාර්යෙන්ම කරලා යන්න...

Comments

Popular posts from this blog