විකිණුන කන්‍යාවිය _04_බෝනස් 02
විකිණුන කන්‍යාවිය
_04_බෝනස් 02
"ඔහොම නවතිනවා.. මම යන්න කිව්වේ නෑනේ.. තව දෙයක් තියෙනවා කියන්න .. කසාදයක් කර ගත්තා කියන්නෙ තවත් අමමා තාත්තාට බරක් වෙවි ජීවත් වෙන්න බැ කෙනෙකුට.අම්මයි මමයි කසාද බැන්දෙ ඉන්න හිටින්න ගෙයක් දොරක් වත් නැතිව.ඒත්.ඔයාට එහෙම තත්වයක් නැ.අපි පදිංචි වෙලා හිටිය කලින් ගෙදර මම ඔයා නමට ලිව්වේ ඒ දවස් වලම.මම කැමතියි මගේ පුතත් මම වගේ එයාගේ වයිෆ් එක්ක වෙනමම ජීවත් වෙනවට.මොකද මටත් දැන් හති.අවුරුදු විසි තුනක් හතරක් වෙනවනේ.මොකද මේ තරම් වීර ක්‍රියා කරන්න පුලුවන් කෙනෙකුට ඒ වගේ දෙයක් කරන්න බැරි කමක් නෑනේ.අදින් පස්සෙ ඔයාට මගේ සතයක දෙයක් ලැබෙන් නැ.අද ඉදන් ඔයා ඔයාගේ ජීවිතේ ගෙනියන්න මහන්සි වෙන්න ඕන.ඒක කරන විදිහක් ගැන මම දන්නෙ නැ.මොකද හැම දේම කලෙත් මගෙන් අහලා බලලා නෙවෙයිනේ.. කරන දේ ඔයා තීරණය කරන්න.එච්චරයි..
__සුගත්__
"ඒ..ත් මහත්තයා.. එයා මොනාද දන්නෙ.. අනේ දුක් විදියිනේ.."
අම්මා ඒ.රෝහිනි කියන්නෙ කොල්ලගෙ අම්මා.ඉගෙන ගත්තෙත් නැ.කිසිම වැඩක් පලක් ගැන දන්නෙත් නැ.එහෙම කෙනෙක් කොහොමද පවුලක් නඩත්තු කරන්නෙ.
අනික මේ කියන්නෙ ඔවුන් දෙන්නා අවුරුදු ගානක් තිස්සෙ ජීවත් උන ඒ ගෙදර ගැන.මතක් වෙනකොටත් ඒ ගේ ඇතුලෙ සංදීප් දැන් හැදුන විදිහත් එක්ක ජීවත් වෙන්නෙ කොහොමද කියලා රෝහිනිගෙ හිතට දැනුන දුක මෙච්චරක් කියන්න බැ.
"ඩැඩි පිස්සුද ..? මම කොහොමද එහෙම මේ ගෙදරින් යන්නෙ.. දැන් ඩැඩි කිව්ව දේ මම කලා.ඒ හින්දා මට මේ ගේ ඇතුලෙම ඉන්න දෙන්න.."
ඒත් රාජිත හෙමින් ඇවිදන් ගියෙ ජනේලයක් ලගට.
"නෝනා.. ජීවිතේ කියන්නෙ තව කෙනෙක් හම්බ කරලා දෙන දේවල් වලින් යැපෙන එක නෙවෙයි .ජීවිතේ ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා.පිරිමියෙක් උනාම හැම දේම දැන ගන්න ඕන.ඒ තමයි මගේ තීරණය. හවස් වෙනකොට සංදීප් වයිෆ් එක්ක ඒ ගෙදරට යනවා.එච්චරයි..."
කෙල්ලට මේ කිසිම දෙයක් ගැන වැදගත් කමක් නැ.කසාද බැන්දා කියලාවත් ඇත්තටම ගානක් නැ.කෙල්ලට ඕන හොස්පිටල් යන්න.
"ඔය දරුවා ලෑස්ති වෙන්න මගෙත් එක්ක හොස්පිටල් යන්න.ඔය දරුවගෙ නන්ගිව බලලා එන්න.. ම්ම්.. "
එතකොට නම් කෙල්ලගෙ මූන පිරිලා හිනාවක් පිට උනා.සත්තයි ඒ හිනාව හරි ලස්සනයි.දකින කෙනෙක් ලෝභ හිතෙන තරමටම ඒ හිනාව ලස්සනයි.අහිංසකයි..
__සුගත්__
රාජිත වාහනේ යන අතර තුරදි කෙල්ල එක්ක සෑහෙන දේවල් ගැන කතා කලා.
හැම දේකටම කෙල්ල උත්තර දුන්නෙත් හරි සංයමයකින්.
"දුව අදින් පස්සෙ මොන විදිහට ජීවත් වෙන්න උනත් ඔයා මගෙ පුතාව දාලා යන් නැ කියලා මට පොරොන්දු වෙනවද...? "
රාජිත අන්තිමට ඇහුවෙ හෙමින්.ඒත් කෙල්ල කලේ නිහඩව ඔහු කිව්ව දේ අහන් හිටි එක.
"මම දන්නවා සංදීප් මගේ පුතා උනාට එයා ජීවිතේ ගැන කිසිම දෙයක් දන් නැ.මට දකින්න ඕන එයා එයාගේ ජීවිතේ හදා ගන්න විදිහ.මම දැන් ටිකකට කලිනුත් හොස්පිටල් එකට කතා කලා.බය වෙන්න දෙයක් නැ.ඔයාගේ.නන්ගි හොදින්.."
හරි ලස්සට හිනාවක් ඇදුනා.කෙල්ලගෙ දෙතොල් අතර හරි ලස්සන හිනාවක් ඇදුනා.
"අනේ මහත්තයලට ගොඩක් පිං .."
අත් නිකම්ම එකතු උනා.ඉතින් රාජිතගෙ හිත කිව්ව දේ ඇත්ත කියලා මේ ඇය ඔප්පු කරනවා.
"දැන් මම අහපු දේට උත්තරයක් දුන් නැහැනේ.. "
කෙල්ල උත්තර දෙන්න පටන් ගත්තෙ කීප වතාවක් ඔහු දිහා උවමනාවෙන් බලලා.
"මහත්තයෝ මේ ලෝකෙ ගොඩක් අයට අම්මා තාත්තා ඉන්නවා .ඒත් අපි වගේ අයට අම්මා තාත්තා දෙන්නම නැ.පුංචි කාලේ ඉදන් හැදෙන්නෙ අනාථ නිවාසයක.අනන්ත වත් පවුල් පිටින් ඇවිත් අපිට දන් දෙනවා .දන්නවද මහත්තයෝ ගිය ආත්ම වල කර ගත්ත පවු වලට වන්දි විදිහට තමයි අපිට මේ ආත්මේ ලැබිලා තියෙන්නෙ.සත්තයි මම ඇත්තටම නරක කෙල්ලක් නෙවෙයි .ඒ දේට මම කැමති උනේ මට මගේ නන්ගිව ඕන හින්දා.මේ ඇස් වලින් මමත් දැක්කා පවුල් හරි ලස්සනට ජීවත් වෙනවා.ඉතින් අහම්බෙන් උනත් මහත්තයා මට අද පවුලක් දීලා.කවදාවත් පවුලක් ඇතුලේ ජීවත් වෙලා නැතත් මහත්තයා මගේ හිතෙත් හරි ලස්සනට පවුල කියන දේ තියෙනවා.දන් නැ මහත්තයාගේ පුතා මම ගැන කොහොම හිතයිද කියන්න.ඒත් මහත්තයා එක දෙයක් පොරොන්දු වෙන්නම්.මගේ ජීවිතේ අන්තිම හුස්ම තෙක් මහත්තයා මට මේ දුන්න පවුල මම රකිනවා.ඒක මම පොරොන්දු වෙන්නම්.. මොකද මට මගේ කියලා වටිනාකමක් එකතු කලේ මහත්තයා.මහත්තයා මට දෙවියෙක් වගේ.. "
ඒ වචන රාජිතගෙ වියපත් හිතට තමන්ගෙ පුතාගෙ ජීවිතේ ගැන අමුතුම බලාපොරොත්තුවක් ඇති කරනවා.ඒ වචන වල එච්චරටම විස්වාසයක් තිබුනා.ඒක ඒ පිරිමි පපුවට දැනුනා.හරි තදින් දැනුනා.
"ජීවිතේ කියන්නෙ හරි ලේසියෙන් දිනන්න පුලුවන් දේකට නෙවෙයි.දූගේ වචන වලින් මට දැනුනෙ දුව අර ගොන් වස්සට වඩා ජීවිතේ ගැන දන්නවා කියන එක.කවදාවත් මේ තීරණය ගත්තා කියලා මම පසු තැවෙන් නැ.ඔය දෙන්නා යන්න යන්නෙ මම ජීවිතේ හොයා ගත්ත ගේ ඇතුලට.මට විස්වාසයි කිසිම වැඩකට නැති මගේම දරුවට එතනින් ජීවිතේ හොයා ගන්න පුලුවන් වෙයි කියලා.ඇයි දන්නවද මම එච්චර විස්වාසයෙන් එහෙම කියන්නෙ.."
වාහනේ හෙමින් රාජිත ඉස්සරහට අරන් ගියේ.ඩ්‍ර්යිවර්ව දාලා අරක්ෂකයෝ නැතිව තනියමමයි පිටත් උනේ.
කෙල්ල හිස හෙලෙව්වා.රාජිත ආයිත් කලේ හිනා උන එක.
ඇය දිහා බලාන හිනා උනා.
"මටයි මගේ නෝනාටයි ජීවිතේ ගැන කියලා දෙන්න කවුරුත් හිටියෙ නැ.හැම දේම එකින් එක ඉගෙන ගත්තා.ඒත් සංදීප්ට එහෙම නැති වෙයි.ඔයාගේ වචන වල පවා මම දැක්කෙ ජීවිතේ.පුුවන්නම් එයාවත් වෙනස් කරන්න .."
එක තාත්තා කෙනෙක් තමන්ගෙ දරුවගෙ ජීවිතේ වෙනුවෙන් මග බලන් හිටිය තරම් ඒ වචන වල තිබුනා.
කෙල්ල හරි ලස්සනට හිනා උනා.ඒ වෙනකොට වාහනේ හොස්පිටල් ගේට් එකෙන් ඇතුලට දාලා ඉවරයි.
"හ්ම්.. බහින්න.. මුලින්ම අපි නන්ගි ගැන බලලා ඉමු.. "
__සුගත්__
"අම්මා ප්ලිස්.. තේරෙන් නැද්ද ඔය අයට. මම කොහොමද එහෙම ජීවත් වෙන්නෙ.. මට මොකුත් කරන්න බැ.අනික අර පාළු ගෙදර.. "
සංදීප් රෝහිනි එක්ක වාද කලා.ඒත් දෙන්නාගෙන් කිසිම කෙනෙක් රාජිත එක්ක නම් කිසිම දෙයක් කතා කලේ නැ.
"මම මොනා කරන්නද..? මේ දේවල් ඔයාම කර ගත්ත දේවල්.ඒත් මමත් හිතනවා ඒක තමයි හොදම දේ කියලා.දරුවෝ ලොකු වෙනකොට අම්මලාගෙන් යැපෙන එකෙන් මිදෙන්න ඕන.එහෙම උනාම තමයි ජීවිතේ බරපතල කම තේරෙන්නෙ.අනික තව දෙයක්.කිසිම වෙලාවක ඒ දරුවට කිසිම කරදරයක් වෙන්නත් බැ පුතේ.. ඒකත් ඔයා හොදට මතක තියා ගන්න.මොකද ඒ කෙල්ලගෙ ජීවිතේට ඔයා දැන් වගකියන්න ඕන..."
"මොන මගුලක්ද කියන්නෙ.දෙයියනේ ඒකි කවුද කින්ද මන්ද කියලාවත් මම දන් නැ.එහෙම එකියක්ව මගේ කරේ එල්ලලා ඉවර වෙලා තව කියන්නෙ මට ඒකිව නලවන්න කියලද..? "
ඒත් ඊලග මොහොතෙදි රෝහිනිගෙ අතක් නතර උනේ සංදීප්ගෙ කම්මුල මත.
"චාටාස්.. ඇති.. තව වචනයක් කියන්න එපා.. මෙච්චර දවසක් මම හිතාන හිටියෙ නන්ගි තමයි අපිට තිබුන වගකීම කියලා.ඒත් දැන් තමයි තේරෙන්නෙ මෙච්චර කාලයක් තමුන් වගේ නිකමෙක්වයි අපි හදලා තියෙන්නෙ කියලා.චික් විතරක්.අම්මා ඉන්නවා.නන්ගි ඉන්නවා .එහෙම කෙනෙක් ඔය වගේ කතාවක් කියනවද...? ලැජ්ජයි මට සංදීප් තමුන් ගැන.. යනවා මෙතනින්.."
සුභ දවසක්.තෙරුවණ් සරණයි.. සෙයාර් කරන්න.කමන්ට් කරන්න.ලයික් කරන්න..

Comments
Post a Comment