විකිණුන කන්‍යාවිය _05_ බෝනස් 03

 විකිණුන කන්‍යාවිය

_05_ බෝනස් 03




එල්ලලා ඉවර වෙලා තව කියන්නෙ මට ඒකිව නලවන්න කියලද..? "


ඒත් ඊලග මොහොතෙදි රෝහිනිගෙ අතක් නතර උනේ සංදීප්ගෙ කම්මුල මත.


"චාටාස්.. ඇති.. තව වචනයක් කියන්න එපා.. මෙච්චර දවසක් මම හිතාන හිටියෙ නන්ගි තමයි අපිට තිබුන වගකීම කියලා.ඒත් දැන් තමයි තේරෙන්නෙ මෙච්චර කාලයක් තමුන් වගේ නිකමෙක්වයි අපි හදලා තියෙන්නෙ කියලා.චික් විතරක්.අම්මා ඉන්නවා.නන්ගි ඉන්නවා .එහෙම කෙනෙක් ඔය වගේ කතාවක් කියනවද...? ලැජ්ජයි මට සංදීප් තමුන් ගැන.. යනවා මෙතනින්.."


                  ___සුගත්___


තාමත් සිහිය ඇවිත් තිබුනෙ නැ.සදලිව දැකපු ගමන් කෙල්ලගෙ ඇස් දෙකේ කදුළු පිරුනා.ඩොක්ටර් එක්ක රාජිත ඇගේ තත්වය ගැන කතා කරද්දි සයනි නතර උනේ සේලයින් බට ගහලා මැෂින් ගොඩක් මැද හුස්ම අල්ලපු මේ ජීවිතේදි ඇයට කියලා හිටිය එකම කෙනා ලග.


වෙව්ලන අතින් පැත්තකට වැටිලා තිබුන අත අල්ල ගත්තා.එහෙමම ඒ අත ලං කර ගත්තෙ පපුවට.දරා ගන්න අමාරුම තැන් වලදිත් එකට හිටියා.අවුරදු හතරක් කෙල්ලට වඩා බාලයි.ඇයට අවුරුදු දා හතරයි.


සමහර බැදීම් සංසාරය පුරා යනවා.මේත් එහෙම බැදීමක්.බුදු දහමෙත් ඒ ගැන පැහැදිලිව කියලා තිබුනා.ඒක බොරුවක් උනා නම්.යශෝධරාව බුදු හිමි බුදු බව ලබන තුරු පන්සිය පනස් ජාතකයක් ඉපදෙනකොට ඒ හැම ආත්මයකම පාරමිතා පුරනකොට ළඟින් හිටියා .ඉතින් අද වෙනකල් අම්මා දැකලා නැ.තාත්තා දැකලා නැ.දැන ගන්න ලැබුනෙ මහා රැ අනාථ නිවාසේ ඉස්සරහාම කූඩයක දාලා රෝස පාට පැනල් එකකින් ඔතලා හිටියා කියන එක විතරයි.අදටත් කරේ තිබුන කළු නූලක එල්ලුන පෙන්ඩන්ට් එක ඇරෙන්න කෙල්ල තමන් ගැන කිසිම දෙයක් දන් නැ.


එක අතකින් නන්ගිගෙ අත තද කරන් අනික් අතින් කරේ එල්වෙමින් තිබුන පෙන්ඩන්ට් එක හෙමින් අතගෑවා.


කවුරුත් ඒ අහලක වත් නැහැ.


"දන්නවද..? මම ඒක කලා.. ඔයා කිව්වේ මොකක්ද..? අන්තිම හුස්ම පොද යනකල් ළඟින් තියා ගන්න කියලනේ.. හැබැයි මේ අක්කා ඒ අන්තිම හුස්ම පොද යන්න දුන් නැ.. "


ඇස් කදුළු වලින් පිරිලා.ජීවිතයක වටිනාකම දන්නෙත් ජීවිතේ එක්ක පොර බදින අයළු.මේත් එහෙම ජීවිත දෙකක්.


"ඇස් අරී.. මම දන්නවා ඇස් ඇරපු ගමන් හොයන්නෙත් මාව කියලා.අනේ ඉක්මනට ඇස් අරින්න.. ඔය හිනාව මට දකින්න ඕන... දන්නවද මම කසාද බැන්දා.මේ අත් වලින් නිවාසේ ඉන්නකොටත් හැමදාම බුදු පාණ තිබ්බනෙ මම. ඉතින් ජීවිතේ කරපු එකම වරද තමයි ඒ කලේ.හැබැයි ඒක මම වරදක් කියලා හිතන් නැ.ඔයා වෙනුවෙන් මම ඒක කලේ.ඒත් මහත්තයාගෙ අප්පච්චි අම්මා ගොඩක් හොද අය නංගියේ..  ගොඩක් හොද අය... දන් නැ ඉස්සරහට මොන වගේ දෙයක් වෙයිද කියන්න.දන්නෙ එක දෙයයි.ඒ අය හරි හොදයි.. එච්චරයි දන්නෙ.."


එක මොහොතකදි හැම දේම ඇස් ඉස්සරහා මැවුනා.


රැයක් පුරා ඒ පිරිමි ගතට සිරුර ඉඳුල් උනා.


ජීවිතේ හරි පරිස්සම් කරපු හැම දේම ඔහුට පූජ උනා.


ආදරෙන් නම් සිප ගත්තෙ නැ.ඒත් සිරුරම ඒ පහසට එක මොහොතකදි අවනත උනා.ඒ නුහුරු නුපුරුදු නිසා.ඉතින් දුකක් නැ.ජීවිතේ ඉඳුල් උන පිරිමියා අද වෙනකොට ඇ⁣ගේ මහත්තයා වෙලා.


තාම හරියට වචන දහායක් කතා කරලා නැ.


ඒත් ඒ ගේ ඇතුලෙ වටිනම දෙන්නගෙ හිත් වල කෙල්ල නතර වෙලානේ..


ඔවු කෙල්ල ඒ හිත් අස්සෙ නතර වෙලා.


"දුව.. "


කල්පනා ලෝකයක හිටිය කෙල්ල පියව සිහියට ආවේ පිටි පස්සෙන් ඇහුන රාජිතගෙ හඩින්.


ඒත් දන්නෙ නැ කෙල්ල මොන නෑකමක් දෙන්නද කියන්න.


ඒ හින්දම හිනා උනා.


"එයාගේ තත්වේ නෝර්මල් වෙමින් පවතිනවා.ඒ නිසා බය වෙන්න දෙයක් නැ කිව්වා.තව උපරිම දවස් දෙක තුනක් ඔය විදිහට ඉදී ඊට පස්සෙ සිහිය එයිලු.සිහිය ආවත් මාසයක් විතර යනකල් ඉන්න වෙන්නෙ හොස්පිටල් කියලා තමයි කියන්නෙ.. "


ගැහෙන හිත එක මොහොතකට සැනසෙනකොට 


කෙල්ල කලේ නිසල මුහුන දිහාම බලාන උන්න එක.


හිතට සැනසීමයි.මහා පුදුම විදිහට ඒ හිතට දැනුනෙ සැනසීමක්.


                 ____සුගත්___


ඉදින් කළුවර වැටෙන්න අරන්.


හීනිවට අහස් කුස තරු කුමරියන් පිරෙන්න අරන්.


කොල්ලා බලාන හිටියා.ජීවිතේ නොහිතපු විදිහකට අනික් පැත්ත පෙරලුනානේ.


ඒත් කොල්ලා එක දෙයක් විතරක් දැනන් හිටියා.


ඒ කෙල්ල කවුද කින්ද මන්ද තාම දන් නැ.


ඒත් කෙල්ල හරි පිරිසිදුයි කියන්න දැනන් හිටියා.


ඒ හෝරා කීපය ඇතුලතදි යහන මත තමන්ගෙ කාම ආශාවට ගොදුරක් උනා.


හැබැයි එච්චර දෙයක් වෙලත්. තාමත් කෙල්ල ගැන කිසිම හැගීමක් නැ හිතේ.


තියෙන්නෙ තරහක්.


ඒ තරහා මොකක් හින්දද කියන්න දන් නැ.


සංදිප් කවදාවත් කසාද බදින්න හිතන් හිටි කෙනෙක් නෙවෙයි.


"හරි. මම බලා ගන්නම්.. යමන්.. උඹටත් ඕන උනේ ඒකනේ..  හැබැයි එකක්.කවදාවත් උඹට මගේ හදවතේ නවතින්න බැ.උඹ හිටියත් ඉදී.ඒත් ඒ ඉන්නෙ මගේ පපුවේ නෙවෙයි.කවදාවත් මගේ පපුවට කිසිම කෙනෙකුට එන්න බැ.කවදාවත්.."


සමහර හිත් හරි මුරණ්ඩුයි.


ඔවු ඒ හිත් හරි මුරන්ඩුයි .


සංදීප් උනත් එහෙමයි .


"ඩැඩිට ඕන කරන්නෙත් මාව මේ ගෙදරින් එළියට යවන්න.අම්මටත්.යන්නම්.ඒ අයටම දුක හිතෙයි.ආපහු මාව මෙහෙටම එක්කන් එයි.. "


සුභ රැයක්.තෙරුවණ් සරණයි..

Comments

Popular posts from this blog