ලිංගිකත්වය කියන්නෙ ඇඟවල් දෙකක් එකට හැප්පෙන එකම නෙවෙයි. ඒ ආත්ම දෙකක එකතුවීමක්. ගොඩක් පිරිමි අත්වලට පුලුවන් වුනාට ගෑණු හිතකට කෙඳිරි ගෑවෙන්න සලස්සවන්න කලාතුරකින් පිරිමියෙකුට විතරයි පුලුවන් ඒ ගෑණු ආත්මෙට ලංවෙන්න. 🖤 පිරිමියෙකුට පුලුවන්නම් තමන් ආදරේකරන ගැහැණියගෙ ඇඟ ඇතුලට රිංගන්න කලින් ඇයගෙ ආත්මය ස්පර්ශ කරන්න. ඇය ජීවිතේ වැඩිපුරම බය දේවල්, කාටවත් නොකියන රහස් එලිකරන තැනට ඇයට ලංවෙන්න. මං හිතනවා ඒ පිරිමියට පුලුවන් අතකින්වත් අල්ලන්නෙ නැතුව ඒ හිත වෙව්ලවන්න. ඔහුට පුලුවන්නම් හාදුවකින් ඒ හිතේ ඕනම දුකක් පහකරන්න, ඇය නිහඬවම ඉන්න තැන්වල ඒ නිහඬතාවයෙ හේතුව තේරුම්ගන්න, සබඳකම දුරදිග ගෙනියන්න ඕනෙවට වඩා ඉස්සර නොවී ඉන්න, ඒ පිරිමියා ඇබ්බැහිවෙලා ඉන්නෙ ඇයගෙ ඇඟට නෙවෙයි ඇයගෙ ආත්මයට. එහෙම බැඳීමක් ඇතුලෙ ගෑණු හිතක වෙව්ලීම විශේෂයි, ඒ ඇය සුරාන්තයට ලංවුන නිසා නෙවෙයි, පිරිමියෙක් ඇයගෙ ආත්මය ස්පර්ශ කරන නිසා. ඔහු ගැන ඇතිවුන විශ්වාසය නිසා. එතන තියෙන්නෙ ගෑණු හිතක් පිරිමියෙකුට කැමැත්තෙන් යටත්වීමක්, "මං උඹගෙ" කියලා වචනෙන් නොකියා කරන ඇඟවීමක්. ඒ ඇයගෙ හිත ඔහු බලෙන්ම පැහැරගත්ත නිසා නෙවෙයි, ඇය ඔහුට කැමැත්තෙන්ම යටත්වුන නිසා. එහෙම බැඳීමක් ඇතුලෙ තියෙන්නෙ ලිංගිකත්වය විතරක්ම නෙවෙයි. ඒ ඇවිලීම හරි ආදරණීය එකක්. එහෙම තැන්වල තමයි ගෑණු ඇඟවල් උඩ පිරිමින්ට කවි ලියන්න හේතු හැදෙන්නෙ. ජීවිතේට කවි නොලිව්ව පිරිමි පවා කවිකාරයො වෙන්නෙ. ! ❤️‍🔥 ___________________________________🍃🤍 #සදෙව්

Comments

Popular posts from this blog

මගේ කැල්ල 01