අනියම් සම්බන්ධයකින් ගැලවෙන්නේ කොහොමද ?🤔
විවාහය තුළ සිටියදි ...වෙනත් සම්බන්ධයක් ඇති කර ගැනිමෙදි....ඒ මොහෙතේ එවැනි සම්බන්ධයක් ගොඩනඟා ගැනීමට සාධාරණ හේතු තිබුණත් ...පසුකාලීනව ඒ සම්බන්ධය ඔබට නතර කර ගැනීමට අවශ්‍ය වූවත්...මනස තුළ ඒ පුද්ගලයාට ඇති දැඩි ඇබ්බැහි වීම තුළ , සම්බන්ධයෙන් මිදීමට බොහෝ ඔබට බොහෝ අපහසු වීමට පුළුවන් .
( මනෝඋපදේශනයන් තුළ හමුවන පුද්ගලයන් තුළින් පැහැදිලිවම දුටුවේ...අනියම් සම්බන්ධයෙන් මිදීමට බොහෝ පුද්ගලයන්ට අපහසු වන්නේ...ඒ පුද්ගලයා කෙරෙහි ඇති ආදරයට වඩා ...ඒ පුද්ගලයා කෙරෙහි ඇති ඇබ්බැහි වීම නිසයි )
ඇත්තටම අනියම් සම්බන්ධයකින් මිදෙන්නේ කොහොමද ...🤔
🌹 සම්බන්ධ ඇති කරගැනීමට පෙර ඔබ සිටි මානසික මට්ටම ගැන හොඳින් සිතන්න.
👉 ඔබේ partner සමඟ ඔබේ මොනයම් හෝ ගැටළු තිබුණත් , ඔබ සම්බන්ධයක් ඇති කරගත්තාට පසු මානසික මට්ටමට වඩා අනිවාර්යයෙන්ම හොඳ තත්වයක ඉන්න ඇති .
ඒ ගැන හොඳින් සිතන්න.
🌹 රැකියාව තුළ වගේම ...ඔබේ ආර්ථික දියුණුව තුළත් යම් පසු බෑමක් අනිවාර්යයෙන්ම ඇති වෙන්න පුළුවන් .
👉 මේක බොහෝ වේලාවට දකින්න පුළුවන් රැකියාව තුළම සම්බන්ධයන් ගොඩනඟාගන්න අය තුළ .
අනියම් සම්බන්ධයක් කියන්නේම මනසට අමතර පීඩාවක් . ඒ වගේම සම්බන්ධයක් තුළ කොහොමත් යම්කිසි මානසික පීඩාවක් තියෙනවා. ඉතිං ...මේ අමතර මානසික පීඩාව අනිවාර්යයෙන්ම ඔබේ රැකියාව තුළ තිබෙන quality level එකට බලපානවා .
🌹 යහපත් පවුල් සංස්ථාව දෙදෙරා යනවා.
👉 සමහර පුද්ගලයින්ට යහපත් ,ආදරයෙන් පිරුණු පවුල් ජීවිතයක් තියෙනවා . ඒත් අනියම් සම්බන්ධතා ගොඩනඟාගන්නවා.
සිතන්න ....
ඔබට දැඩිව ආදරය කරන සැමියා / බිරිඳ ..ඔබේ අනියම් සම්බන්ධය ගැන දැනගැනීමට ලැබුණොත් , ඔබේ පවුල් ජීවිතයට , ඔබේ දරුවන් තුළ ඔබ ගැන තිබෙන ගෞරවය ,ආදරයට වෙන හානිය .
🌹 ඕනෑම සම්බන්ධයක් අත්හැර ගැනීමට අපහසු තත්වයට පත්වෙන්නේ ....ඒ දෙදෙනා තුළ තිබෙන sexual relationship එක නිසයි.
👉 මනෝඋපදේශනයට යොමුවෙන සමහර පුද්ගලයෝ පවසනවා..
" ඒ දවස් වල තිබ්බ pressure එක නිසයි, මම මේ affair එක පටන් ගත්තේ , කාලයක් යනකොට අපි දෙන්නා අතර sexual relationship එකක් ඇතිවුණා ...දැන් මට මේකෙන් අයින් වෙන්න හිතුනත් ඒක කරන්න බැහැ . "
ඔබට අයින් වෙන්න අවශ්‍ය නම්...sexual relationship එක ක්‍රමයෙන් අඩු කරන්න .
🌹 අනියම් සම්බන්ධයක් පවත්වන පුද්ගලයාගේ හිතේ වැඩි ඉඩකඩක් තියෙන්නේ , තමන්න්ගේ wife / husband ට පමණයි .
👉 අනියම් සම්බන්ධතා නිසා මනෝඋපදේශනයට යොමුවෙන අය ,මුලින් පවසන්නේ මට මෙයාව අමතක කරන්න බැහැ . මම මෙයාට ආදරෙයි.
ඒ වේලාවට මම අනිවාර්යයෙන්ම අහන ප්‍රශ්නය තමයි .
" ඔයා එයාට ගොඩක් ආදරෙයි නම්, ඔයාට එයාව ඕනේ නම්....ඔයාට wife/ husband ගෙන් divorce වෙලා ...ඔයාට පුළුවන් නේ එයාව මැරි කරන්න .🙃
" අපෝ මිස් ඒක නම් මට කීයටවත් කරන්න බැහැ . මට wife / husband ඕනේ...😊
එහෙම කිව්වට වැරැද්දක් නැහැ . ඕනෑම මනුස්සයෙක් ගේ හිතේ , තමන්ට නොතේරුනාට වැඩි ඉඩ කඩක් තියෙන්නේ , අනියමට වඩා නියම එකට තමයි .😊 ඒ ගැන හොඳින් සිතන්න.
🌹 අනියම් සම්බන්ධය ඇති වුණාට පසු...ඔබේ ජීවිතයේ ඇතිවුණු පසුබෑම ගැන හොඳින් සිතන්න.
🌹 තමන්ට යහපත් විවාහ ජීවිතයක් තිබෙනවා නම් , දරුවන් සිටිනවා නම්....ඒ ගැන වඩා හොඳින් සිතන්න.
අනියම් සම්බන්ධය තුළ ....ඔබ තුළ තිබෙන පාට පාට සිල්ලර මානසික මට්ටම තුළ...නොදැනුවත්වම ඔබෙන් ඈත් වෙන්නේ ...ඔබේ ආදරණීය සහකරු /සහකාරිය වගේම ඔබේ දරුවන්.
👆 මේ කියු කාරණා ගැන හොඳින් සිතන්න. ඔබට අනියම් සම්බන්ධයෙන් මිදි...යහපත් තත්වයක් කරා වගේම යහපත් මානසික මට්ටමක් කරා ඔබේ ජීවිතය ගෙන යන්න පහසු වෙයි.
හොඳින් මතක තබා ගන්න...ජීවිතය තුළ ඔබ කුමන දෙයක් කරත් ....අවසානයේ ඔබට ලැබිය යුත්තේ මානසික සුවය පමණයි .
එය නොලැබෙන ඕනෑම තැනකින් දෙවරක් නොහිතා ඉවත් වෙන්නට මනසින් ශක්තිමත් වෙන්න .🥰😊
ලක්ෂි සොයිසා
මනෝඋපදේශිකා /මනෝචිකිත්සිකා
Himan hospital Ragama 0112 961 961.
උපුටා ගන්නා ලද පෝස්ටුවකි.

Comments
Post a Comment