විකිණුන කන්‍යාවිය _07_බෝනස්

 විකිණුන කන්‍යාවිය

_07_බෝනස්




හිසත් යාන්තමට කකියන්න අරන් තිබුනේ.


තාමත් ඇදන් හිටියෙ එකම ඇදුම.දාඩිය දාලා යට ඇදුම් වලට පවා.ඇයටම ඇය ගැන අප්පිරියයි.


ටිකක් වෙලා යනකොට බස් එකක් ඇවිත් නතර කරනකොට සංදීප් බස් එකට නගින්න යනවා දැකලා තමයි කෙල්ලත් බස් හෝල්ට් එකෙන් එලියට ආවේ.සෙනඟ පිරිලා හිටිය බස් එකට දෙන්නම නැග ගත්තා.කෙල්ලට නම් ⁣මේ හැම දේම හුරුයි.ඒත් ඔහු මේ තමයි බස් එකක යන පලවෙනි වතාව.


                   __සුගත්__


ටික ටික බස් එකේ සෙනඟ වැඩි වෙන⁣කොට කොල්ලට තරහයි .හිටියෙත් හිටගෙන.කෙල්ල හිටියෙ කොල්ලට වඩා ටිකක් එහායින්.එක හෝල්ට් එකකින් බස් එකට ගොඩ උන ටිකක් වයසක කාන්තාවක්.ඇය ඇවිත් නතර උනේ කොල්ලා හිටගෙන හිටිය තැනමයි.


බස් එක බ්‍රේක් ගහන වාරයක් වාරයක් පාසා ඇය තල්ලු වෙලා ඇවිත් නතර උනේ කොල්ලගෙ ඇගේ.


"ආන්ටි.. ටිකක් එහාට වෙනවද..?"


බැරිම තැන කොල්ලා කිව්වේ.ඒ වයසක ගැහැණිය ඇස් ලොකු කරලා සංදීප් දිහා බලලා හිනා උනා.


මොන මළ වධයක්ද..? මේ නාකි මරාළයක් මගේ ලගට ඇවිත්.. ෂිට්.. 


හිතින් කිව්වා.මේ හැම දේම දිහා කෙල්ල බලාන හිටියෙ.හිනා යන්නම ආවත් අමාරුවෙන් හිනාව තද කරන් හිටියා.


ආයිත් බ්‍රේක් පාරකට ඒ වයසක ගෑනූ කෙනා අල්ලන් හිටිය අතත් අතැරිලා ඇවිත් කොල්ලගෙ ඇගටම හේත්තු වෙද්දි සෙනඟ ගැන වගක් වත් නැතිව සංදීප් කෑ ගැහුවා.


"මොන වධයක්ද මේක.. බස් එකක යනකොට ටිකක් පාඩුවේ යනවද .. ඇගේ නගින්න එන්නෙ.."


කෙල්ලට විතරක් නෙවෙයි.බස් එකේ හිටිය ගොඩක් අයට හිනා.ඒත් කවුරුත් හිනාව පෙන්නුවේ නැ.


"මොකක්ද පුතේ කිව්වේ.. මට දුවලා නම් නැ.පුතාලගෙ මිණිබිරියෝ නම් ඉන්නවා.ඒත් තාම උන් පුංචියි.."


වයසක ගැහැණිය සද්දෙන්ම කියද්දි මෙච්චර වෙලා හිනාව හිර කරන් හිටිය අයට බකස් ගාලා හිනාව එලියට පැන්නා.


කොල්ලා බැන බැන එතනින් ඉස්සරහට ගි⁣හින් නතර උනේ කෙල්ල⁣ගෙ පිටි පස්සෙන්.


                 __සුගත්__


ටික ටික කළුවර වැටෙනවා.ඒත් තාමත් දෙන්නම හිටියෙ හිටගෙන.කෙල්ලගෙ කකුල් වලින්  දැනුන වේදනාව වැඩියි.සීට් එක අල්ලන්ම ඇස් පිය උනේ ඇයටම නොදැන.


සංදීප් ඒක දැක්කෙත් අහම්බෙන්.ඒත් දන් නැ ඇයි කියලා පිය වෙලා තිබුන ඇස් එක්ක හරි අහිංසක කමක් පෙනුනා.


බස් එකේ හිටිය ගොඩක් අය තම තමන්ගෙ ලෝකවල.


ඊලග මොහොතෙදි කෙල්ල බර උනේ කොල්ලගෙ උරහිසට.එක අතකින් සීට් එක අල්ලන් හිටියා.ඇස් පියාන හිටියෙ.දන් නැ මොනවද වෙන්නෙ කියන්න.ඒත් ඒ හිස බර උනා.. කොල්ලගෙ උරහිසට.


සත්තයි හරි දඩබ්බරයි.


හිතුවක්කාරයි.


මේ ඉන්නෙ හිතේ කොනක වත් හිටිය කෙල්ල නෙවෙයි.අද වෙනකල් ඇදට ගත්ත කෙල්ලො අතර කිසිම එකියක් ඒ හිතේ නැවතුනෙත් නැ.ඒත් අද වෙනකොට ජීවිතේ ගොඩක් වෙනස් වෙලා.


කවදාවත් හිතුවෙ නැ ගෙදරින් එලියට බහින්න.


කවදාවත් හිතුවෙ නැ වෙස් මූන ගැලවෙයි කියන්න.


කවදාවත් හිතුවෙ නැ අම්මයි අප්පච්චියි ඉස්සරහා ඒ විදිහට ලැජ්ජා වෙන්න වෙයි කියලා.


ඒත් එක රැයකදි හෝරා කීපයකදි හැම දේම උනා.


මේ යන ගමන මොන විදිහකට නතර වෙයිද කියන්න දන් නැ.


තාමත් මේ මොහොතෙදිත් මේ කෙල්ල ගැන කිසිම හිතකුත් නැ.ඒත් එක දෙයක් හිතේ තදින් තිබුනා.


මේ හැම දෙයක්ම උනේ මේ කෙල්ල හින්දා.


ඒත් තරහක් නැ.කෑ ගැහුවට තරහක් නැ..


කෙල්ල ළඟින් ආවේ දාඩිය සුවද.

නාස් පුඩු අතරින් දාඩිය සුවද සිරුර ඇතුලට ඇදුන වාරයක් වාරයක් පාසාම හීලෑ නොව්න පිරිමි හැගීම් දහස් ගානක් සිරුරින් එලියට එන්න දැගළුවා .


එතකොටම තමයි කොන්දා කෑ ගැහුවේ .බහින්න ඕන කියලා මතක් උනෙත් එතකොට.


කෙල්ලක් ගැස්සිලා වගේ ඇස් ඇරියේ.


ඇස් ඇරලා වට පිට බැලුවේ නිදි බරව රතු උන ඇස් වලින්.ඒ වෙනකොටත් හිටියෙ කොල්ලගෙ උරහිස මත හිස තියාන.


"තමුසෙට මාව පේන්නෙ ඇදක් වගේද..? ඇයි පැය ගානක් තිස්සෙ දුන්න ඒවා මදිද.. බස් එකෙත් ඇග උඩ නගින්න එන්නෙ.. එනවා යන්න බහින්න ඕන.."


වචන ,ඔවු වචන සමහරක් තැන් වලදි ප්‍රභලයි.


ඔවු වචන හරි ප්‍රභලයි.


නොහිතුව තැන් වලදි


නොහිතුව මොහොතකදි


සමහරක් අයගෙ මුවින් පිට වෙන වචන 

ගොඩක් අයට රිදෙව්වේ නැ.


ඒත් රිදුනා..


ඔවු කෙල්ලගෙ පපුවට ඒ වචන හරි තදට දැනුනා.


කියන්න ඕන උනා මම එහෙම කෙල්ලක් නෙවෙයි කියලා.


කියන්න ඕන උනා ජීවිතේ පිරිමි හුස්මකට කියලා වැදුනෙ මහත්තයාගෙන් කියලා.


කියන්න ඕන උනා කොච්චර වේදනාවක් දරාගෙන හරි ඉඩ දුන්නෙ එක හේතුවක් හින්දා කියලා.


ඒත් දෙයියනේ කියන්නෙ කොහොමද..?


හැමෝටම අනුව ඇය කලෙත් තමන් සතුව තිබුන වටිනාම දේ විකුණපු එක.


අමු අමුවේ විකුණපු එක.


ඒත් ඒ දේ කලාට දුකක් නැ.


දුකක් දැනුනෙත් නැ.


මොකද ඒ කරපු දෙයින් අද ජීවිතයක් බේරිලා.


හෙට අනිද්දා වෙනකොට හුස්ම අල්ලයි.


ඇස් අරියි.


කතා කරයි.


ඉතින් වෙන කිසිම දෙයක් ඕන නැ.කිසිම දෙයක්.


නිහඩවම කොල්ලගෙ පස්සෙන් ගිහින් බස් එකෙන් බැස්සා.


බස් එක යන්න ගියා.


පාර පාළුයි.ඉඳ හිට ගිය වාහනයක් ඇරෙන්න පාරෙ කිසිම කෙනෙක් පේන්න වත් නැ.


බෑග් එක කරේ දාන් සංදීප් ඉස්සර උනේ ප්‍රධාන පාරේ ඉදන් ටික දුරක් ඉස්සරහට යනකොට දකුණු පැත්තට තියෙන අතුරු පාරක කෙලවරම තමයි ඒ ගේ තියෙන්නෙ.


ඉතින් වේගෙන් අඩි තිබ්බා.


කකුල් ඇදුම් දෙනකොට කෙල්ලත් සංදීප් පස්සෙන් ඇවිදන් ගියා.


                    ___සුගත්___


ගේට්ටුව වහලා තිබුනා.අහල පහල තිබුනෙ ගෙවල් කීපයක් විතරයි. ඊට පිටි පස්සෙන් තිබුනෙ රක්ෂිතය.


මිනිස් පුළුටක් වත් නැති ඝණ කැලෑව..


ගේට්ටුව අරින්න ටිකක් වෙලා ගියේ මල අල්ලලා තිබුන හින්දා.

"ආව්.. අත."

එක මොහොතකදි සංදීප් කෑ ගැහුවේ අත අල්ලන්.


"අනේ ඇයි මොකක්ද උනේ මහත්තයා.. කෝ බලන්න.."


කෙල්ල අවසරයක් නැතිවම ඒ අත අල්ල ගත්තා.


ඔවු අවසරයක් නැතිවම ඒ අත අල්ල ගත්තා.


අත කැපිලා..


"අනේ මහත්තයා අත කැපිලා.. දැන් පිට ගැස්මට විඳින්නත් වෙයි. "


ලේ ගලනවා.


ඇඟිල්ලෙන් ලේ ගලනවා.


දන්නෙ නැ ඇයි කියන්න ඒ ලේ දකින්න දකින්න කෙල්ලගෙ හිතට බයයි.


"විදින්න මම බල්ලෙක් නෙවෙයි.. එනවා යන්න.."


හිතුවක්කාරයි.මුරණ්ඩුයි. හිතින් බැන්නා.කෙල්ල හිතින් සංදීප්ට බැන්නා.බැන බැනම පස්සෙන් ගියා..


"බල්ලොන්ට විතරක් නෙවෙයිනේ විදින්නෙ.. මිනිස්සුන්ටත් විදිනවා.. හැබැයි ඉතින් මෙහෙම දේකුත් තියෙනවා.. සමහර සත්තු වගෙ මිනිස්සු ඉන්නවා.මොනා කරන්නද ..? පූරුවේ කරපු පව් වලට වන්දි ගෙවන්නත් වෙනවනේ.. "


සංදීප් එක තැන නතර උනා.වේගෙන් ඇවිදන් ආවා.ඒ අත නතර උනේ කෙල්ලගෙ උරහිස් දෙකේ.


අත් දෙක තද වෙන්න තද වෙන්න වේදනාව වැඩි උනා.


ඔවු ඒ අත් වලින් දැනුන වේදනාව වැඩි උනා.


"අ..නේ මහත්තයා අතාරින්න.. රිදෙනවා මට.."


ඒත් ඒ වෙලාවෙම කෙල්ලගෙ ඇස් ලොකු උනා.


මහා පුදුම විදිහට කෙල්ලගෙ ඇස් දෙක ලොකු උනා.


ඒ වෙනකොටත් සංදීප්ගෙ ඇස් රැදිලා තිබුනෙ කෙල්ලගෙ ඇස් මත.


ඔහුට පිටු පසින් ඇයට ඉදිරියෙන් මහා අමුතු දෙයක් වෙනවා.


"ම..හත්තයා.. පාත් වෙන්න.. "


කෙල්ල පැනපු පාරට දෙන්නම ඇදගෙන වැටුනා.


ඒත් එක්කම ඇහුනෙ අදුර අතරින්  ඔවුන් දෙන්නා ලගින්ම වේගෙන් ඇදිලා ගිය මොකක් හරි දෙයක්.


දෙන්නම බැලුවේ ඒ ඇදිලා ගිය දේ දිහා..


"දෙ..යියනේ.. ඒ මොකෙ..ක්ද.. ?"


යන්නම්.. සුභ රැයක්.රැදෙන්න.. හෙට ඉදන් කතාව සෑහෙන්න වෙනස් වෙනවා.. 


ලියන්නෙ සුගත් නුවන්.


කමන්ට් ලයික් අඩුයි..

හදවතින් වචනයක් කියන් යන හිත් වලට ආදරෙයි ..

Comments

Popular posts from this blog

මගේ කැල්ල 01