විකිණුන කන්‍යාවිය _06_

 විකිණුන කන්‍යාවිය

_06_




"හරි. මම බලා ගන්නම්.. යමන්.. උඹටත් ඕන උනේ ඒකනේ..  හැබැයි එකක්.කවදාවත් උඹට මගේ හදවතේ නවතින්න බැ.උඹ හිටියත් ඉදී.ඒත් ඒ ඉන්නෙ මගේ පපුවේ නෙවෙයි.කවදාවත් මගේ පපුවට කිසිම කෙනෙකුට එන්න බැ.කවදාවත්.."


සමහර හිත් හරි මුරණ්ඩුයි.


ඔවු ඒ හිත් හරි මුරන්ඩුයි .


සංදීප් උනත් එහෙමයි .


"ඩැඩිට ඕන කරන්නෙත් මාව මේ ගෙදරින් එළියට යවන්න.අම්මටත්.යන්නම්.ඒ අයටම දුක හිතෙයි.ආපහු මාව මෙහෙටම එක්කන් එයි.. "


                    __සුගත්__


වාහනේ ගේට්ටුවෙන් ඇතුලට දානකොට කෙල්ල ඉස්සිලා වගේ ඉස්සරහා බැලුවේ.රාජිතය හිනාවක් ගියෙ කෙල්ල⁣ ළඟ තිබුන තාමත් ලමා ගති ගුණ වලට සමාන ගති ගුණ දැක්ක හින්දා.


වාහනෙන් බැස්සෙත් නිහඩවම.රෝහිනි රාජිත ඉස්සරහ ආවේ කෙල්ල දිහාවත් බලලා.


"දුවගෙ නන්ගිට දැන් කොහොමද..?"


"ඔපරේෂන් එක කරලා නෝනා.. ඒත් තාම සිහිය ඇවිත් නැහැ.සිහිය එයි කියලා කිව්වා.."


"ඒකනම් ලොකු දෙයක්.. එන්න ඇතුලට.."


ඒත් ඒ ඇස් හෙව්වෙ ඔහුව.මොකද අදින් පස්සෙ ඇයට ජීවත් වෙන්න තියෙන්නෙ ඔහුත් එක්ක.


"සංදීප් කෝ.."


"අන්න කාමරේ මහත්තයා.මටත් ඉවසීමේ සීමාවක් තියෙනවා.මහත්තයා කිව්ව හැම දේම ඇත්ත වේගෙන ආවේ.තව ටික දවසක් ගියා නම් අපිට චූටි දූට වඩා ලොක්කව බලා ගන්න තමයි වෙන්නෙ.. දුන්නා හොද කම්මුල් පාරක්.ම⁣ගෙත් එක්කම එකට එක කියාන ආව එකට.."


ඒ වෙලාවේ රාජිත⁣ගෙ පපුවේ සංදීප් වෙනුවෙන් තිබුන ආදරේ එළියට එන දිහා කෙල්ල බලාන හිටියා.ඉතින් ඇයට නැතිම දේ අම්මා ,තාත්තා⁣ගෙ ආදරේ.කවදාවත් නොලැඹුනෙත් ඒ ආදරේමයි .හීනිවට පටන් ගත්ත දැවිල්ලක් හෙමින් හෙමින් සිරුර පුරා පැතිරෙනකොට රාජිත කිව්ව දේ අහන් හිටියා 


"ඇයි ගහන්න ගියේ.. එයා දැන් පොඩි දරුවෙක් නෙවෙයි .ඇත්ත තේරුම් ගන්න ,හොද නරක ඉගෙන ගන්න කාලය ඕන.ම්ම්.. මම හිතන්නෙ එයාගේ ඒ කාලය දැනුයි පටන් ගත්තෙ.අපි ඒ කාලයට ඉඩ දීලා බලන් ඉමු.. තේරුනාද.. කතා කරන්න එයාට.දැන් ඇති.. පිරිමියෙක් උනාම කසාද බැදලත් අම්මා තාත්තා ළඟ ඉන්න ඕන නැ.හොදට කොන්ද පණ තියෙනවා.අනික මහා ලොකු පණ්ඩිත දේවල් කරන්න කලින් ඒ ගැන හිතන්න තිබුනා..


මේ හැම කතා බහෙන්ම කෙල්ලට එක දෙයක් නම් තේරුනා.කොච්චර උනත් ඔහු කරපු දේ ගැන ඒ අම්මා තාත්තාගෙ හිතේ නම් කිසිම බේරුමක් නැති බව.


රෝහිනි පඩි පෙල නගින්න හදනකොටම උනේ පුදුමයක්.පඩි පෙල ඉහල ඉදන් බෑග් එකකුත් එල්ලන් පහලට එමින් හිටියෙ වෙන කවුරුත් නෙවෙයි.සංදීප්...


රාජිත සහා රෝහිණි දෙන්නම කටත් ඇරන් බලන් හිටියා.පැයකට විතර කලින් කනේ පාරකුත් කෑවේ ගෙදරින් යන්න බෑ කියලා.ඒත් මෙන්න බෑග් එකකුත් එල්ලන් එනවා.


"හොදයිනේ.. ඒ කියන්නෙ මිස්ටර් සංදීප් දියුණු වෙලා නේද...? එහෙම වෙන්නත් ඕනනේ. මොකද නූතන තාක්ෂණය එක්ක කසාද නොබැද කී වතාවක් හනිමූන් ගියාද නේද.."


මූන කරත්තයට අහු උන කජු ලෙල්ලක් වගේ වෙනකොට එහෙමම බිම බලා ගත්තා.


"මට යන්න කියලනෙ කියන්නෙ.. මාව මේ ගෙදරට වධයක්නෙ.. නේද.. හරි යන්නම්... අනික මට ඔය කියන ගෙදරට යන්න කවුරුත් කියන්න ඕන නැ.මම ලොකේෂන් දන්නවා.. ඒ හින්දා යන්නම්.. "


ඉස්සරහට ඇවිදන් ගියෙ වේගෙන්.ඒත් ඒ පියවර නතර උනේ රාජිත⁣ගෙ හඩින්.කොච්චර උනත්  තාමත් සංදීප් ඒ හඩට අවනතයි.


"හෝව් ,හෝව් මිස්ටර් සංදීප්.. නතර වෙනවා.. තමුන් යන්න කලින් මම මේ කියන දේත් අහන් යනවා.. අද ඉදන් තමුන්ට මගේ සල්ලි වලින් ගත්ත කිසිම දෙයක් යූෂ් කරන්න බැ.ඒ කියන්නෙ තමුන් ඔය ඩ්‍ර්යිව් කරන වෙහිකල්  එක වත් තමුන්ට අයිති දේවල් නෙවෙයි.දැන් තමුන් පවුලක්.මේ ඉන්නෙ තමුන්ගෙ වයිෆ්.. කිසිම කෙනෙකුට එක පාර හැම දේම ලැබෙන් නැ.ඒ හින්දා මහන්සි වෙලා තමුන්ට කියලා වෙහිකල් එකක් ගන්නවා.තව දෙයක්.මගේ අකව්න්ට්ස් වලින් තමුන් ළඟ තියෙන ක්‍රේඩිට් කාර්ඩ්ස් ඔක්කෝම පර්ස් එකෙන් අරන් මෙහෙන් තියලා යනවා.තමුන්ට මම පුංචි කාලේ ඉදන් බෑංක් එකට ඩිපොසිට් කරලා තියෙනවා සල්ලි වගයක්.අන්න ඒක විතරයි තමුන්ට මෙහෙන් අරන් යන්න පුලුවන්.. තමුන් මහා ලොකු වැඩකාරයානේ.. පුලුවන්නම් ජීවත් වෙලා පෙන්නනවා ... දැන් කිව්ව දේ කරලා තමුන්ගෙ වයිෆ්වත් අරන් මෙතනින් යනවා.. එච්චරයි.."


ඒ ඇස් ,ඒ මූන තරහින් පිරිලා.ඔවු ඒ මූන තරහින් රතු වෙලා.


මොනාදෝ හෙමින් මුමුණ මුමුණම පර්ස් එක ඇද්දා.පර්ස් එකේ තිබුන ක්‍රේඩිට් කාර්ඩ් තුනක් මේසේ උඩින් තියලා රාජිත දිහාවත් නොඹලා කොල්ලා ඉස්සරහ ඇවිදන් යනවා.


ඒත් එක තැනකදි නතර උනා.ඒ රත් පැහැති ඇත් ඊලගට යොමු උනේ පැත්තක හිටගෙන සිද්ධ වෙන දේවල් දිහා බලාන හිටිය කෙල්ල ළඟ.


"ඒයි.. මගේ ජීවිතේ විනාශ කරලා මොනවද හිටගෙන කල්පනා කරන්නෙ.. ඇහුනෙ නැද්ද.. එනවා යන්න.. තමුසෙට ඕන උනේ හොද සල්ලිකාරයෙක්වනේ.. නේද.. ඒත් දැන් මම අමු හිඟන්නා.. කැමති නම් හිටපන්.. නැත්තම් පලයන්.. දැන් වරෙන් යන්න.."


රාජිතට තරහයි .තමන් ඉස්සරහාදිම ඒ විදිහට කෙල්ලට කතා කරපු එකට නම් ඇත්තටම තරහයි.


"කට පරිස්සම් කර ගන්නවා සංදීප්.. ඒ ඉන්නෙ තමුන්ගෙ වයිඨ් දැන්.. "


ගස්සගෙන කොල්ලා එලියට යද්දි කෙල්ල හෙමින් ඇවිදන් යන්නෙ රාජිත ලගට.එහෙමම පාත් වෙලා ඒ කකුල් දෙක අල්ලලා වැන්දා.රෝහිනි බැලුවේ රාජිත දිහා.අද වෙනකල් දරුවෝ දෙන්නා කවදාවත් මේ විදිහට ඔවුන්ට වැදලා නැ.ඉතින් මේ කෙල්ල මොන විදිහට සංදීප් හොයා ගත්තද කියන්න දන් නැ.හැබැයි මේ තමයි සංදීප්ට ගැලපෙනම කෙනා .


"අනේ.. තෙරුවණ් සරණයි දුව.. හැමදාම සතුටින් ඉන්න.. "


ඇස් වලින් කදුළු වැටුනා.ඒ අම්මගෙ ඇස් පුරවන් කදුළු වැටුනා.


ඉතින් ඒ හිත් එහෙමයිනේ.


අම්මා ,තාත්තා පුංචි කාලේ ඉදන් දරුවෙක් ලොකු වෙනවා දිහා බලාන සතුටු උනා.


දවසක ඒ දරුවාගෙන් ගෞරවයක් ලැබෙනවානම්.නොකිව්වට ඒ හිත් හරි සතුටින්...


"යන්න.. ඔය දරුවගෙ නන්ගි ගැන අපි බලා ගන්නම්.. පුලුවන්නම් එක දෙයක් කරන්න .ඒ ඔයාගේ මහත්තයා.වැරදි කරන්න ඇති.හැබැයි දැන් එයා ඔයාගේ මහත්තයා. ඒක හිතේ තියාන එයා ලගින්ම ඉන්න.. එච්චරයි ඉල්ලන්නෙ.."


කෙල්ල මොකුත් කිව්වේ නැ.තාම දන් නැ ඔහු ලගදි මොන වගේ දෙයක් වෙයිද කියන්න.හැබැයි දැනටමත් ඒ ඉන්නෙ තමන්ගෙ මහත්තයා කියන හැගීම කෙල්ලගෙ හිතේ ඇති වෙලා තිබුනා.


"තසුසෙ එනවද ? නැද්ද.. ?"


ආයිමත් ඇහුනෙ සංදීප්⁣ගෙ කට හඩ.


ඒත් කෙල්ලගෙ තොල් අතරින් මතු උනේ හිනාවක් විතරයි...


                  __සුගත්__


දෙන්නා හිටියෙ බස් හෝල්ට් එකේ.තිබුන ලොකු කමට කොල්ලා වාහණයක් දිහා බැලුවෙ වත් නැ.


හැමෝමඅමුතු විදිහට කොල්ලා දිහා බැලුවෙත්.


කෙල්ල හෝල්ට් එක ඇතුලින් වාඩි උනේ කකුල් දෙක කැක්කුම් කරපු හින්දා.


ඊටත් වඩා සංදීප්ගෙ සිරුරට යට වෙලා ගෙවපු හෝරා කීපයේ සිද්ද උන දේවල් වල ප්‍රතිපලත් දැන් දැන් මතු වෙන්න අරන්.


ඇග තලලා දාලා වගේ කැක්කුමයි .


හිසත් යාන්තමට කකියන්න අරන් තිබුනේ.


තාමත් ඇදන් හිටියෙ එකම ඇදුම.දාඩිය දාලා යට ඇදුම් වලට පවා.ඇයටම ඇය ගැන අප්පිරියයි.


ටිකක් වෙලා යනකොට බස් එකක් ඇවිත් නතර කරනකොට සංදීප් බස් එකට නගින්න යනවා දැකලා තමයි කෙල්ලත් බස් හෝල්ට් එකෙන් එලියට ආවේ.සෙනඟ පිරිලා හිටිය බස් එකට දෙන්නම නැග ගත්තා.කෙල්ලට නම් ⁣මේ හැම දේම හුරුයි.ඒත් ඔහු මේ තමයි බස් එකක යන පලවෙනි වතාව.


සුභ දවසක්.තෙරුවණ් සරණයි..

Comments

Popular posts from this blog

මගේ කැල්ල 01